රත්මලානේ නිවසකට පැමිණි පිරිසක් තියුණු ආයුධවලින් පහර දී අයෙක් මරුට-දෙකක් රෝහලට

0
496

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ නිවසක රැඳී සිටි පුද්ගලයින් තිදෙනෙකුට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහර දී තිබේ.

අංක82/21, ශ්‍රී ධර්මාරාම පාර, රත්මලාන ලිපිනයේ පදිංචි මෙම පුද්ගලයින්ට පහර දීමේ දී එක් පුද්ගලයෙක් ඝාතනය වී ඇතැයි පොලීසිය පවසයි.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් දෙදෙනාට තුවාල සිදුව ඇති බවට ගල්කිස්ස පොලීසියට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබේ.

තුවාලකරුවන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගල්කිස්ස පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.