රජය අච්චු ගැසූ මුදල්වල වටිනාකම සජිත් කියයි

0
47

මෙම වසරේ මාර්තු මාසයේදී පමණක් රජය විසින් රුපියල් කෝටි 4,000ක මුදල් මුද්‍රණයකර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායක ජංගම සේවයට ඊයේ (03) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

විපක්ෂනායක ජංගම සේවයේ 71 ක් වැනි අදියර ඊයේ පැවැත්වුණේ හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින්ය.

“මාර්තු මාසයේ විතරක් කෝටි 4,000ක් මුදල් අච්චු ගහලා තියෙනවා. මුදල් අච්චු ගහන විදිහට සෞභාග්‍ය කරා නෙමෙයි ගෙනියන්නේ සිම්බාබ්වේ කරා තමයි ගෙනියන්නේ.”