රජයේ නිලධාරීන්ගේ ඇඳුම් ගැන නිකුත් කළ චක්‍රලේඛය අත්හිටුවා ඇති බව පලවන වාර්තා අසත්‍යයි

0
1351

රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධයෙන් නිකුත් කළ චක්‍ර ලේඛය අත්හිටුවා ඇති බවට පලවන. මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පවසයි.

එම චක්‍රලේඛය සම්බන්ධයෙන් පැණ නැගුණු විරෝධතා මත එය අත්හිටුවීමට පියවර ගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පළවුණි.

මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් ලේකම්වරයා සඳහන් කළේ,අදාළ චක්‍රලේඛය අවලංගු කිරීමට බලය පවතින්නේ තමන්ට පමණක් බවත්, තමන් කිසිසේත් එම චක්‍රලේඛය අවලංගු කිරීමට පියවර ගෙන නොමැති බවයි.

රාජ්‍ය ආයතන වල නිලධාරීන්ට කමිසය සහ කලිසමත් නිලධාරීනියන්ට සාරිය හෝ ඔසරියත් ඇඳිම අනිවාර්යකරමින් සහ කිසිඳු නිලධාරීයෙක් මුහණ ආවරණය නොකර අනන්‍යතාව හඳුනාගත හැකි අයුරින් සිටිය යුතු බවටත් අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබුණි.

කෙසේවෙතත් මෙම චක්‍රලේඛය සම්බන්ධයෙන් අද දිනයේදී විශය භාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ වහාම ප්‍රධානාත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.