යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානියා පත් කෙරේ

0
38

මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු මහතා හෙට (8) දින සිට බලපැවැත්වෙන පරිදි 60 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කර තිබේ.

මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු මහතා අද (07) පස්වරුවේ යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ අතින් සිය පත්වීම් ලිපිය භාරගනු ලැබීය.

වර්ෂ 2021 දෙසැම්බර් මස 12 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම ඔහු යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති ධුරය මෙන්ම ඊට ප්‍රථම තවත් ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත.

මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති ධූරය ද හොබවනු ලබයි.