යළිත් දරුණුවන කොවිඩ් අවදානම – සෞඛ්‍ය අංශවලින් රතු එළියක්

0
31

කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රවණතාව වැඩි වෙයි

ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයින්ගේ ක්‍රමික වැඩිවීමක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ, ඉකුත් දින කිහිපයේ යළි මෙරටින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රවණතාව වැඩි වීමත් සමගයි.

ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය ප්‍රකාශකයෙකු පැවසුවේ මේවනවිට අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කරන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද වැඩිවෙමින් ඇති බවයි.

මේ හේතුවෙන් සෞඛ්‍ය පුරුදු දැඩි ලෙස පිළිපැදීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.