යතුරුපැදි සොරකම්කල සිව් දෙනෙකු කොටු

0
423

කළුතර ප්‍රදේශය අවට නවතා ඇති යතුරුපැදි සොරාගෙන ඒවායේ කොටස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර දකුණ ප්‍රදේශයේ නවතා තිබූ යතුරුපැදි 04ක් සහ පානදුර ප්‍රදේශයේ නවතා තිබූ යතුරුපැදියක් සොරාගෙන කොටස් කර විකිණු පුද්ගලයින් සිව්දෙනෙකු ඊයේ(17) පස්වරුවේ කළුතර දිසා අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී රුපියල් ලක්ෂ 15 ආසන්න යතුරුපැදි 05ක කොටස්ද දිසා අපරාධ ඒකකයේ නිලධාරීන් භාරයට ගෙන තිබුණි.

සැකකරුවන් කලක සිට මෙම ජාවාරමේ නිරතව සිට ඇති අතර සොරාගන්නා යතුරුපැදිවල කොටස් අඩු මිලට අලෙවි කරන බව අනාවරණ වී තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් සිව්දෙනා මත්කුඩු පානයට ඇබ්බැහිවූවන් බවත් ඔවුන් අද(18) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය සඳහන් කළේය.