මෝදර දී ඇල්ලූ කහ

0
39

නීතී විරෝධි ලෙස ආනයනය කරන ලද කහ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු මෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෝදර පොලීසිය සිදුකළ වැටලීමකදී කහ කිලෝග්‍රෑම් 1,128 ක තොගයක් සහ ලොරි රථයක් පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අදාළ කහ තොගය කිලෝග්‍රෑම් 24 බැගින් පාර්සල්වල අසුරා තිබු බවය.

මෙම කහ තොගය මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් ඇති බවට පොලිසිය සැක පළ කරයි.