මෝටර් රථයක් දුම්රියේ ගැටී අයෙක් මරුට

0
254

ගාල්ල බෝපේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදි ඊයේ (21) සවස බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වු විශේෂ සීග්‍රගාමි දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් එහි රියදුරු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ ගාල්ල රිච්මන්ඩ් කන්ද ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක්.

මෝටර් රථයට දැඩි හානි සිදුවී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

අනතුර සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.