මුල්ලේරියාව රෝහලේ PCR යන්ත්‍රයේ තත්ත්වය

0
231

මුල්ලේරියාව රෝහලේ PCR යන්ත්‍රයේ පරික්ෂණ කටයුතු බොහෝදුරට අද (16) සිට යථාතත්වයට පත්කිරීමට හැකිවනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

මුල්ලේරියාව රෝහලේ PCR යන්ත්‍රයෙන් පරික්ෂණ සිදුනොකෙරෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද අනාවරණය කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේ “කොළඹ නැගෙනහිර මූලික රෝහලේ ස්ථාපනය කරන ලද PCR යන්ත්‍රය පසුගිය කාලයේ කාර්මික දෝෂයක් නිසා අපිට PCR පරීක්ෂණ කරගන්න බැරුව හිටියා. පසුව, ඒ කාර්මික දෝෂය සම්පූර්ණයෙන් යථාතත්ත්වයට පත් කරලා අපි PCR පරීක්ෂණ කළා. මේ අවස්ථාවේදී ඒ PCR පරීක්ෂණ සඳහා අවශ්‍යකරන ද්‍රව්‍යවල හිඟයක් තිබුණා. අද වෙනකොට ඒක ලංකාවට ලැබෙනවා කියලා දැනගන්න ලැබුණා. හෙට වෙනකොට අපිට නැවතත් PCR පරීක්ෂණ ආරම්භ කරන්න පුළුවන් වෙයි.” යනුවෙනි.