මීගමුවේදී ලොරියක් දුම්රියේ ගැටී අනතුරක්

0
330

මීගමුව කඩොල්කැලේ ප්‍රදේශයේදී ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවිය.

අනතුරින් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර ලොරි රථයට දැඩි අලාභහානි සිදුව තිබේ.

ඊයේ(28) පස්වරු 3ට පමණ මීගමුව කඩොල්කැලේ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්යක දී මෙම අනතුර සිදුව තිබුණි.

දුම්රිය හරස් මාර්ගය අසල ඇති කර්මාන්ත ශාලාවකට පැමිණි ලොරි රථයක් කොළඹ සිට පුත්තලම බලා ධාවනය වූ දුම්රියක ගැටී අනතුර සිදුව ඇති අතර අනතුරින් ලොරි රථ රියදුරු සුළු තුවාල ලැබීය.

අප වාර්තාකරු සඳහන් කළේ කර්මාන්ත ශාලාව වෙත පැමිණීම සඳහා ඇති මෙම දුම්රිය හරස් මාර්ගයෙහි දුම්රිය ආරක්ෂිත ගේට්ටු ,ආලෝක සංඥා හෝ වෙනත් කිසිදු ආරක්ෂිත සංඥාවක් නොමැති බවයි.

අනතුර හේතුවෙන් පැයකට ආසන්න කාලයක් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලටද බාධා එල්ල විය.