මිලියන 200ක් වටිනා මැන්ඩි නැමැති කෘත‍්‍රිම රසායනික මත්ද්‍රව්‍ය තොගයක් හසු වෙයි

0
29

රුපියල් මිලියන 200 ක් පමණ වටිනා මැන්ඩි නැමැති කෘත‍්‍රිම රසායනික මත්ද්‍රව්‍ය තොගයක් අම්බන්ගොඩ, මුහුදු මාවත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගල්කිස්ස පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදීයි.

එහි තිබී සොයාගෙන ඇති මැන්ඩි නැමැති කෘත‍්‍රිම රසායනික මත්ද්‍රව්‍ය තොගය කිලෝ 12ක්. මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.