මියන්මාර හමුදා පාලනයට අමෙරිකාවෙන් සම්බාධක

0
21

මියන්මාර හමුදා නායකයින්ට එරෙහිව සම්බාධක පැනවීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අනුමැතිය පළකර තිබේ.

ඒ යටතේ සම්බාධක පනවා ඇත්තේ, මියන්මාර හමුදා ජුන්ටාවේ නායකයින්ට, ඔවුන් ගේ පවුල්වල සාමාජිකයින්ට, හා ඔවුන්ට සම්බන්ධ ව්‍යාපාරවලට එරෙහිවය.

නව සම්බාධක හඳුන්වාදී ඇත්තේ මියන්මාරයේ පැවති ජන විරෝධතාවකදී කාන්තාවක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් අනතුරුවය.

සම්බාධකවලට අමතරව, මියන්මාර රජයට අයත් අමෙරිකාවේ රඳවාගෙන ඇති අමෙරිකානු ඩොලර් බිලියනයක අරමුදලද අවහිර කර තිබුණි.