මිනුවන්ගොඩ ඝාතනයට 2ක් අත්අඩංගුවට

0
703

මිනුවන්ගොඩ යටියන හන්දිය ප්‍රදේශයේදී ඊයේ (05දා) පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගු ගත් බව පොලීසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා පන්නල පිහිටි නිවසක සැගව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනය සඳහා යොදා ගත් යතුරුපැදිය සහ ගිනිඅවියද සොයා ගත් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.