මැදපෙරදිගින් මතුවන ඉන්දීය විරෝධය

0
25

මැදපෙරදිග රටවල් සහ ඉන්දියාව අතර සීතල යුද්ධයක් නිර්මාණය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඇතැම් මැදපෙරදිග රටවල් තුළ ඉන්දීය නිෂ්පාදන අලෙවිකිරීම නතරකිරීමේ තීරණයක් සමග ලෝකයේම අවධානය මේ පිළිබඳව යොමුව තිබේ.

ඉන්දීය දේශපාලන පක්ෂයක නිලධාරීන් කළ ප්‍රකාශයක් අරඹයා මෙලෙස ඉන්දීය භාණ්ඩ වර්ජනය කර ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කරඇත.

වැඩිදුර තොරතුරු වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ නිලධාරීන් දෙදෙනෙකු ඉස්ලාම් ආගමික නායක මුහම්මද් තුමන් සම්බන්ධයෙන් කළ අපහාසාත්මක ප්‍රකාශයක් හේතුවෙන් මෙලෙස ඉන්දීය විරෝධයක් මතුව ඇති බවය.

ඇතැම් මැදපෙරදිග රටවල් විසින් සිය රටවල ඉන්දීය මහකොමසාරිස්වරුන් කැඳවා මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සිදුකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින ලෙසට කටාර් රාජ්‍යය හා පාකිස්තානය ඉන්දීය රජයට දන්වා තිබීමද විශේෂත්වයකි.