මැතිවරණය ඉල්ලා පළාත්සභා මන්ත්‍රීවරු මැ.කො වටලයි

0
352

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලමින් සහ මැතිවරණය කල්මැරීමට විරෝධය දක්වමින් පළාත් සභා මන්ත්‍රී සංසදය විසින් අද(24) මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවය දක්වන ලදී.

අද පෙරවරුවේ පැවැත්වූ මෙම විරෝධතාවයෙන් අනතුරුව මැතිවරණ කොමිසාරිස්වරයා සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ මන්ත්‍රීවරුන් පවසා සිටියේ ස්වාධීන මැතිවරණ කොමිසමේ කිසිදු ස්වාධීනත්වක් නොමැති බවයි. මැතිවරණ කොමිසමට ස්වාධීනව තීරණ ගැනීමට හැකියාවක් නොමැති බවයි. සීමානර්ණයට මුවාවෙමින් වත්මන් ආණ්ඩුව මැතිවරණය කල්මරමින් සිටින බව ඔවුන් චෝදනා කරයි.

ඒ නිසා හැකි ඉක්මනින් පැරණි ඡන්ද ක්‍රමයට හෝ මැතිවරණය පැවැත්වීමට වහාම කටයුතු කල යුතු බවත්, මැතිවරණ කොමිසම විසින් මැතිවරණය නියමිත කලට වේලාවට පැවැත්වීමට ආණ්ඩුව ඉඩ නොදෙන්නේ නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව ඔවුන් අවධාරණය කරයි.