මාව මරන්න රංජන් සාකච්ඡා කරා-මහින්දානන්දගෙන් පැමිණිල්ලක්

0
325

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක යන මහත්වරුන් විසින් තමා ඝාතනය කිරිමට කුමන්ත්‍රණය කර ඇති බවට පළ වන හඬපටය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන බව මහින්දානන්ද අලුත්ගමගේ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

අද(08) පෙරවරුවේ පොලිස්පතිවරයාට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මහින්දානන්ද අලුත්ගමගේ රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ රංජන් රාමනායක මන්ත්‍රීවරයා අතර සිදු වූ දුරකථන සංවාදයක් මේ දිනවල මාධ්‍ය වෙත අනාවරණය වී තිබුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්දානන්ද මහතා පවසා සිටියේ, හිටපු අගමැතිවරයා සහ රංජන් රාමනායක මහතා විසින් තමාව ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව හඬ පට තුළින් පෙනී යන බවයි.

ඔහු ඒ සඳහා අවි පුහුණුව පවා ලබා ඇති බවත් කියා සිටි මහින්දානන්ද මහතා, ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවත් ඒ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවත්වන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් කියා සිටියේය.