මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් අද දස වන දිනටත් සලකා බැලෙයි

0
192

මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම අද(01) ශ්‍රේෂ්ඨාධිකරණයේදී 10 වන දිනටත් සිදු කෙරෙයි.

අද පෙරවරු 10.00 ට පෙත්සම්වල වැඩිදුර සලකා බැලීම ආරම්භ කෙරෙන බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලීම සිදු කෙරෙයි.

ඒ අනූව අද පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ පිළිතුරු දේශන ඉදිරිපත් කිරීමට නියමිතයි.