මහ මැතිවරණය පවත්වන දිනය මෙතෙක් තීරණය කර නැහැ

0
185

දින නියමයක් නොමැතිව කල් දැමුණු මහ මැතිවරණය පවත්වන දිනය මෙතෙක් තීරණය කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙක් “අදට” පැවසීය .

කෝවිඩි -19 වසංගත රෝග තත්ත්වය රට තුළ තුල ශ්‍රීඝ්‍රයෙන් පැතිර තිබියදී   මේ  මාසයේ දී  පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා තීරණය කළේය .

එසේ වුවද මේ වන විට ඉතා ඉක්මනින් මැතිවරණය පැවැත්වීමට රජය සූදානම් වන බවට විවිධ පාර්ශ්ව ප්‍රකාශ කළ ද  මහ මැතිවරණය පැවති දිනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙතෙක් තීරණය කර නොමැති බව එම ප්‍රකාශකයා පැවසීය .

පාර්ලිමේන්තු මහා මැතිවරණය  ඉදිරියේදී පැවැත්වීමට හැකියාවක් ඇතිද යන්න  සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මේ සතියේදී රැස්වී සාකච්ඡා කරන බවත් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව ඉදිරි පියවර ගනු ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.