මහනුවර කැළඹූ ගණිකා මඩම වටලයි

0
44

අවු. 27, 28 වයස්වල සුරූපී කතුන් ඉහළ මිල ගණන් වලට අලෙවි කරලා

මහනුවර නගරයේ සංචාරක හෝටලයක් ආසන්නයේ දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා තිබේ.

මහනුවර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පැවසුවේ එම ගණිකා මඩවේ කළමණාකරු සහ අවුරුදු 28, 27 යන වයසේ තරුණියන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි.

මහල් තුනකින් යුත් සුපිරි නිවසක පවත්වාගෙන ගොස් ඇති මෙම ගණිකා මධ්‍යස්ථානය සම්භාහන ආයතනයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බව පොලීසිය පැවසීය.

මෙම ගණිකා නිවාසයේ කතුන් ඉතා ඉහළ මිල ගණන්වලට ගැණුම්කරුවන්ට අලෙවි කෙරෙන බව පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබේ.