මල්වතු පාර්ශවයේ අති පුජ්‍ය අළුත්ගම ශ්‍රී දම්මානන්ද හිමියන් අපවත් වෙයි

0
413

සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ ජේෂ්ඨ කාරක සංඝ සභික අති පුජ්‍ය අළුත්ගම ශ්‍රී දම්මානන්ද හිමියන් අද (02) අළුයම මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි අපවත් වු බව උන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය පූජ්‍ය කැටයාපතනේ පියදස්සි හිමියන් පැවසීය.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ උන්වහන්සේ අපවත්වන විට වසර 103ක් ආයු වළදා සිටි බවයි.

උන් වහන්සේගේ ආදාහන පූජ්‍ය උත්සවය සම්බන්ධයෙන් අද සවස රැස්වන ආදාහන කමිටුවෙදි තිරණය කරන බව පූජ්‍ය කැටයාපතනේ පියදස්සි හිමියන් පැවසීය.