‘මට ආපහු එන්න හිතෙනවා‘ – ඩිල්ෂාන්

0
457

ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී වැටී තිබෙන තත්ත්වය දෙස බලන විට තමන්ට නැවතත් අන්තර්ජාතික පිටියට පිවිසීමට සිතෙන බව ශ්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් කියයි.

“මම ක්‍රීඩාවෙන් සමුගන්න ඉස්සරවෙලා 2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා ක්‍රීඩා කරන්න මගේ අදහසක් තිබුණා. මොකද ඒ වෙනකොට මම ලකුණු ලබාගනිමින් හිටපු ආකාරයයයි, මගේ තිබුණ ශාරීරික යෝග්‍යතාවයි එක්ක මට හිතුණා 2019 ලෝක කුසලාන තරගාවලිය වෙනකම් මට යන්න පුළුවන් කියලා…..ඒත් පස්සේ ආපු ප්‍රශ්න කිහිපයක් නිසා මම තරුණයන්ට තැන දීලා අයින් වුණා” යයි ඩිල්ෂාන් පැවසීය.

අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට පෙර ඩිල්ෂාන් එක්දින තරග 330 කදී ශතක 22 ක් ද සහිතව ලකුණු 10,290 ක් ලබා සිටියේය.

එක්දින තරගයකදී ඩිල්ෂාන්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 39.27 ක් වූ අතර ඔහුගේ ලකුණු රැස්කිරීමේ ප්‍රවේගය (පන්දු 100 කින් ලබාගත් ලකුණු සංඛ්‍යාව) 86.23 ක් විය