බෝර 12 ගිණි අවියක් සමග සැකකරුවෙකු දැලේ

0
302

බලපත්‍ර රහිත බෝර 12 ගිනි අවියක් සහ ජීව පතොරම් 05 ක් සමඟ සැකකරුවෙකුව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා පුත්තලම පොලීසියට බාර දීමට කටයුතු කර ඇත.

ඊයේ (27) රාත්‍රී 10.00 ට පමණ කරුවලගස්වැව – මී ඔය රක්ෂිතයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම – මනල්ගුණ්ඩුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු ජීවිකාව ලෙස වන සතුන් දඩයම් කිරීම සිදු කරන අයෙකු බව විමර්ශණ වලදී හෙලිවී ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු සමඟ තවත් අය වන සතුන් දඩයම් කිරීම සඳහා රක්ෂිතයට ඇතුළු වන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.

සැකකරු සහ ගිනි අවියද,ජීව පතුරම්ද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.