බොරැල්ල OIC අනතුර සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග අඛණ්ඩව

0
268

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට ජීවිතය අහිමි කළ අනතුර සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදු කෙරෙන බව පොලීසිය පවසනවා.

ස්ථානාධිපතිවරයා අනතුරට පත් කළ ඩිපෙන්ඩර් රථය පැද වූ පුද්ගලයා දැනට අත්අඩංගුවේ පසුවන බවයි රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ. අදාළ රථය සමාජ ශාලාවේ සිට අනතුර සිදු කර පැලවත්ත ප්‍රදේශයේ සගවනතුරු සී සී ටී වී දර්ශන තමන් සතු බවයි පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සදහන් කළේ. අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වූ වහාම එම දර්ශන මාධ්‍ය වෙත යොමු කරන බවද අජිත් රෝහණ මහතා කියා සිටියා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයන් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවා. ඒ අනුව හදුනාගෙන ඇති එවැනි පුද්ගලයන් පිරිසක් අධිකරණය හමුවේ නඩුව විභාග වන විට සාක්ෂි සදහා කැදවීමට නියමිතයි. මේ අතර කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ආනන්දසාගර සරච්චන්ද්‍ර මහතා මිය ගියා. දේහය පිළිබද අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී හෙට සිදු කෙරෙනවා.