බීමතින් රිය පැදෙව්වොත් ලයිෂන් කැන්සල් – නව නීතියක්

0
293

බීමතින් රිය පදවා අනතුරක් සිදුකරන පුද්ගලයන්ගේ රියදුරු බලපත‍්‍රය සම්පූර්ණයෙන් තහනම් කිරීමට අවධානය යොමුකර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළා. ඒ වෙනුවෙන් අවශ්‍ය නීති සංශෝධනයට කටයුතු කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ.

මේ අතර සමාජ ශාලා ආශ‍්‍රිතව බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට ක‍්‍රියාත්මක බවද පොලිසිය ප‍්‍රකාශ කළා.