බාල වයස්කාරියන් රට යවන ඒජන්සිවලට වැඩ වරදින ලකුණු

0
444

විදෙස් ශ‍්‍රමිකයන් ලෙස ඉදිරියේදී විදෙස් ගතවන කාන්තාවන්ගේ වයස් සීමාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බව විදෙස් රැකියා ප‍්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පි‍්‍රයංකර ජයරත්න පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ලියාපදිංචි නොකළ විදේශ රැකියා ආයතනවලින් වයස් සීමා වෙනස් කර කාන්තාවන් විදෙස් රටවල ගෘහ සේවය සදහා යොමු කිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති බවයි.

ඒ අනුව එවැනි සිද්ධි සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයන් ද ක්‍රියාත්මක වෙමින් ඇති බවත් සඳහන් කළා.