
බ්රසීලයේ සාවෝ පාවුලෝ හී පාසලක සිදු වී වෙඩි තැබීමකින් අටදෙනකු මියගොස් 20කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
සාවෝ පාවුලෝ ආසන්නයේ තිබෙන පාසලක් තුළට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි තැබීම කළ බව බ්රසීල බලධාරීහු කීහ. වෙඩි තැබීම කළ පුද්ගලයන් දෙදෙනා ඇතුළුව අට දෙනකු මියගිය බවත් තුවාල පුද්ගලයන් දෙදෙනකු ප්රතිකාර සඳහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බවත් බ්රසීලයේ පොලිස් ප්රකාශකයා කීය.
වෙඩි තැබීම කළ පුද්ගලයන් දෙදෙනා පොලිසියට පැමිණීමට පෙර සියදිවි නසාගෙන ඇති බව ද එරට පොලිසිය සඳහන් කළේය.
දකුණු දිග බ්රසීලයේ සාවෝ පාවුලෝහිටි රාවුල් බ්රසීල් පාසලේදී මෙම වෙඩි තැබීම සිදුවිණි. මියගිය පිරිස අතර පාසල් සිසුන් සිවුදෙනකු සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනකු සිටින බව සාවෝ පාවුලෝ ආණ්ඩුකාර ජෝඕ ඩෝරියා පැවැසීය.
තුවක්කුකරුවන් කවුරුන්දැයි මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මෙම වෙඩි තැබීම තමන් දුටු කනගාටුදායකම සිදුවීම යැයි ද ආණ්ඩුකාරවරයා කීය.