බහුදින යාත්‍රා 10 කට ජාත්‍යන්තර මුහුදේදී ප්‍රහාරයක්

0
320

ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීම සඳහා ගිය බහුදින යාත්‍රා 10 කට පමණ නැව් කීපයක් විසින් පහර දීම් ආරම්භ කර ඇතැයි සමස්ථ ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය සදහන් කරයි.

ජාත්‍යන්තර මුහුදේ මසුන් බහුලව සිටින ස්ථානයකදී මෙම පහර දීම සිදු කර ඇත.

පහර කෑමට ලක්ව ඇත්තේ මෙරට ලියා පදිංචි බහු දින යාත්‍රා වන සෙහාන් සෙනුර, සදලි, සුභාෂි, ක්ලෝඩියා, ඊශානි, රූටි බබා, රාංකුරුල්ලා, හිරුණි 01 යන ධීවර යාත්‍රා බවට ගුවන් සංඥා මගින් කරන ලද විමසීම් වලදී හදුනා ගෙන තිබේ.

මෙම ධීවර යාත්‍රා වල මෙරට ධීවරයින් 70 ක් පමණ සිටින බවද වාර්තා වේ.

මෙරට ලියාපදිංචි විදේශීය රටවල් වලට අයත් නැව් වලින් මෙම පහර දීම් සිදු කරන බවට ඔවුන් චෝදනා කරයි.

අද (23) දිනයේදී නැව් වල සිට යකඩ කැබලි වලින් පහර දීම හේතුවෙන් එක් බහු දින යාත්‍රවල සිටි ධීවරයින් තිදෙනෙකුද තුවාල ලබා ඇති බව ඔවුන් පවසයි.

මේ සම්බන්ධයෙන් බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය විසින් ධීවර දෙපාර්තමේන්තුවට,වෙන්නප්පුව සහ මාරවිල පොලීසිය වලටද පැමිණිළි කර ඇත.