බස් රථයක් හා ටිපර් රථ අනතුරක්

0
567

අම්බලන්තොට ලුනම ප්‍රදේශයේදී අද (20) දහවල් මගී ප්‍රවාහන පුද්ගලික බස් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහණ ගැටීමෙන් බස් රථයේ ගමන් ගත් මගීන් තිදෙනෙකු හා ටිපර් රථයේ රියදුරු සුළු තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුලත් කර තිබේ.

මෙම රිය අනතුර සිදුව ඇත්තේ තිස්ස ප්‍රදේශයේ සිට මාතර බලා ධාවනය වෙමින් තිබු පුද්ගලික බස් රථයක් හා තංගල්ල දෙස සිට ධාවනය වෙමින් තිබු ටිපර් රථයක් වන අතර ටිපර් රථයේ රියදුරුගේ අපරික්ෂා කාරී රිය ධාවනය අනතුරට හේතුව බවයි අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන හුංගම පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් කියා සිටියේ.

ඉතා අනතුරුදායක වංගුවක් තුල මෙම අනතුර සිදුව ඇති අතර මෙම ස්ථානයේ මිට පෙර අවස්ථා කීපයකදීම මේ ආකාරයෙන් මාරක රිය අනතුරු සිදුව ඇති බවයි ප්‍රදේශයේ ජනතාව කියා සිටියේ.

කෙසේ නමුත් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු හුංගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් සිදුකරනු ලැබේ