බන්ධනාගාර ඇසුරෙන් හඳුනාගත් කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 900 ඉක්මවා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.
ඊයේ (28) දිනයේ නව ආසාදිතයින් 87 දෙනෙකු හඳුනාගැනීමත් සමග බන්ධනාගාර ඇසුරෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 908 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ආසාදිත පිරිස අතර බන්ධනාගාර නිලධාරින් 52 දෙනෙකු ද සිටි.
කෙසේවෙතත් රැඳවියන් 113 දෙනෙකු සහ නිලධාරින් සිව්දෙනෙකු මේ වනවිටත් සුවය ලබා ඇති බව තුෂාර උපුල්දෙණිය මහතා වැඩිදුරටත් පැවසීය.