බදුල්ලේ හා යාපනයේ ඇති වූ ගැටුම් දෙකකින් 15ක් රෝහලට

0
74

බදුල්ල, වේවැල්හින්න වත්තේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිසිය සඳහන් කළේ ඊයේ(15) පස්වරුවේ ඇති වූ මෙම ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි.

තුවාල ලැබූ පුද්ගලයින් අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බව පොලීසිය පවසයි.

මේ අතර යාපනය නගරයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිසිය සඳහන් කළේ බීමත් පුද්ගලයින් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.