බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායකයෙක්ට කොවිඩ්

0
13

බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම වර්තමාන තේරීම් කමිටු සාමාජික හබිබුල් බෂාර් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

පසුගියදා සිදුකළ පීසීආර් පරීක්ෂාවකදී තමන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගැණුනු බව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් හබිබුල් බෂාර් පවසා ඇත.

මෙහිදී ඔහු පෙන්වා දී ඇත්තේ කිසිදු පුද්ගලයෙකුට සිදුකළ දෙයක් නොමැති වුව ද ආරක්ෂා වීම වඩාත් වැදගත් බවය.

බෂාර් මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්ව සිටින අතර මෙම මස අගදී පැවැත්වෙන 20/20 තරගාවලිය සඳහා සිය සේවාව ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

මේ වන විට බංග්ලාදේශයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 427,198 දෙනෙකු හඳුනාගෙන ඇති අතර 6000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.