පූජිත් සහ හේමසිරිට ඇප

0
418

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.ඒ සැකකරුවන් දෙදෙනා විසින් ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම පිලිබදව මොවුන්ට එල්ල වී ඇති චෝදනා වන අතර සැකකරුවන් දෙදෙනා මාස හතරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.