පෑලියගොඩ සිට අතුරුගිරියට අධිවේගී මාර්ගයක්

0
20

ශ්‍රී ලංකාවේ ගැටුම් පැවති සමයේදී යම් අයෙකුට අගතියක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව සොයාබලා අවශ්‍ය පියවර ගැනීමට රජයක් ලෙස බලාපොරොත්තුවන බව සම කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද (26) උදෑසන පැවති කැබිනට් මාධ්‍ය හමුව අමතමින් ඔහු පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා විශේෂ කොමිසමක් පත්කළේ එම අභිලාෂයෙන් බවය.
F
“අලුතෙන් මේ සම්බන්ධව සොයාබලල යම් අඩුපාඩුවක් වෙලා තිබෙනවා නම්, යුද්ධයක් කියන එක එහෙම නැත්නම් ත්‍රස්තවාදී ක්‍රියාවලියක යම් යම් අවස්ථාවල සිදුවීම් වුණේ නැහැයි කියන්න අපිට බැහැ. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙලා තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුවිය යුතුයි කියන මතයේ බොහොම පැහැදිලිව රජයක් හැටියට ඉන්නවා. එවැනි තත්ත්වයක් තුළ අපි බලාපොරොත්තු වෙනවා නිවැරදි තීන්දු අරගෙන යම්කිසි කෙනෙකුට යම් අගතියක් සිදුවුණා නම් ඒ අගතිය වෙනුවෙන් කටයුතු කරන්න. බලාපොරොත්තු වෙනවා..”

පසුගිය 21 වනදා, ජනාධිපතිවරයා විසින් මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත්කරන ලද කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය කරගත් තොරතුරු විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිසමක් පත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා පරීක්ෂණ කොමිසමේ සභාපති ධූරයට නම් කරනු ලැබ සිටී.

විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.

කොමිසමට පැවරී ඇති කාර්යයන් මෙසේය :

* මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විමර්ශනය පිණිස කලින් පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු විසින් බරපතළ ගනයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, බරපතළ ගනයේ අන්තර්ජාතික මානූෂීය නීති කඩකිරීම් සහ වෙනත් එවැනි බරපතළ වැරදි අනාවරණය කරගෙන තිබේදැයි සොයාබැලීම.

* එකී පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු විසින් අනාවරණය කරගත් මානව හිමිකම් සහ මානුෂීය නීති කඩකිරීම් සහ වෙනත් එවැනි වැරදි සම්බන්ධ තොරතුරු කවරේදැයි හඳුනාගැනීම සහ ඒ මත පදනම්ව ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කොට තිබේදැයි සොයාබැලීම.

* එකී නිර්දේශ අරභයා පවත්නා නීතිය ප්‍රකාරව මෙතෙක් ක්‍රියාකර ඇති ආකාරය හා වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තවදුරටත් ගතයුතු පියවර නිශ්චය කිරීම.

* පළමුවැනි සහ දෙවැනි ඡේදවලට අනුකූලව අවශ්‍ය පියවර ගනිමින් තිබේදැයි අධීක්ෂණය.

අවශ්‍ය විමර්ශන සහ පරීක්ෂණ කිරීමටත් අවශ්‍ය පරිදි ජනාධිපතිවරයා වෙත අතුරු වාර්තා ඉදිරිපත් කිරීමටත් කොමිසමට බලය ඇත.

එමෙන්ම කොමිසම දැනුම් දෙනවිට අවශ්‍ය සහය සහ තොරතුරු සැපයීමට රාජ්‍ය අංශයේ අදාළ සියලු නිලධාරීනට නියම කරනු ලැබේ.

අවසන් වාර්තාව කොමිසම පත් කළ දින සිට මාස 06ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුය.ෆෆFU