පාස්කු ඉරිදා ප්‍රහාරයට අදට මාස පහයි

0
148

ඉකුත් අප්‍රේල් 21 වැනිදා කතෝලික දේවස්ථාන 03කට කොළඹ තරු පන්තියේ හෝටල් 03කට ඇතුළු ස්ථාන 08කට ත‍්‍රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කර අදට(21) මාස පහක කාලයක් සැපිරෙයි.

මෙම අවාසනාවන්ත ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 250 කට අධික පිරිසකට දිවි අහිමි වූ අතර පුද්ගලයින් 500කට ආසන්න පිරිසක් තුවාල ලැබීය.

මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ගතවු කාලය තුළ රට පුරා විශේෂ සෝදිසි මෙහෙයුම් මාලාවක් දියත් කෙරුණු අතර එහිදී ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් බෝහෝ පිරිසක් ආරක්ෂ අංශ විසින් අත්අඩංගුවට ගෙන මේ වනවිට රැඳවුම් භාරයේ පසුවෙයි.

කෙසේ වෙතත් පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සිදු වී මාස පහක් ගත වන අද දිනයේදී එම ප්‍රහාරයන් සිදු වූ දේවස්ථානවල සහ දිවයිනේ සෙසු දේවස්ථාන කේන්ද්‍ර කරගනිමින් ආගමික වතාවත් සිදු කෙරුණි.

පාස්තු ප්‍රහාරය සම්න්ධයෙන් වගකිවයුත්නත් විසින් නොයෙක් කමිටු පත් කළ ද තවමත් ප්‍රහාරයට මුහුණ දුන් ජනතාවට සාධාරණයක් වී නොමැත.