පාර්ලිමේන්තුව හොරකමේ මුදුන් මල්කඩ වෙලා

0
881

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හේතුවෙන් ජනතා පරමාධිපත්‍ය සුනුවිසුනු වි ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසයි.

කළුතර දි මාධ්‍ය අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල් කඩ ලෙස පාර්ලිමේන්තුව අතීතයේ හැඳින් වුවද අද වන විට එය හොරකමේ මුදුන් මල්කඩ වී ඇති බවයි.

කෙසේ වෙතත් මෙතෙක් කිසිදු දේශපාලන පක්ෂ නායකයෙක් ප්‍රකාශයක් කරමින් බැඳුම්කරය සමඟ ගනුදෙනු කළ මන්ත්‍රීවරු සිටී නම් ඒ අයව පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන බවට නොපැවසීම කණගාටුවට හේතුවක් වන බව ද ඔහු සඳහන් කළේය.

බැඳුම්කර වංචාව සිදු කළ එයට වගකිව යුතු අය අදටත් නිදැල්ලේ සිටින බවත් පැවසු මන්ත්‍රීවරයා ජනතාවට ඒ තුළින් ප්‍රජාත්නත්‍රවාදය කෙරෙහි ඇති විශ්වාසය බිඳී ගොස් ඇති බව ද කියා සිටියේය.

118 නම් ලැයිස්තුව සොයා ගෙන බැඳුම්කර හා සම්බන්ධතා දැක්වු අයට දැනෙන දඬුවමක් ලබා නොදුන්නොත් පාර්ලිමේන්තුව වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් වන බව ද මන්ත්‍රීවරයා පැවසීය.