ප්‍රියංකා ‘කොවිඩ්’ වෙනුවෙන් ඩොලර් කෝටියක් සොයයි

0
29

‘කොවිඩ්’ වසංගතය නිසාවෙන් අසරණ වී ඇති ඉන්දීය ජනතාව වෙනුවෙන් සිනමා නිළි ප්‍රියංකා චොප්රා හා ඇයගේ සැමියා වූ සිනමා නළු හා ඇමෙරිකානු පොප් ගායක නික් ජෝනාස් දෙදෙනා ඩොලර් මිලියනක ආධාර මුදලක් සොයා ගැනීමට සමත්ව ඇත.

ඔවුන් දෙදෙනා ‘කොවිඩ්’ වසංගතය නිසාවෙන් ඉන්දීය ජනතාව අසරණ වී ඇති බවත්, ඒ වෙනුවෙන් උදව් කිරිමට හැකි සියලු දෙනා එක්වෙන ලෙසත් පවසමින් සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුමට එක් කළ විඩියෝවට ප්‍රතිචාර දක්වමින් පුද්ගලයින් 7185ක මෙසේ ඔවුන්ට ඉන්දීය රුපියල් කෝටි 2.87ක මුදලක් ආධාර කර ඇත. කෙසේ වෙතත්, ප්‍රියංකා පවසන්නේ තමන් මීට වඩා විශාල මුදලක් සිය ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කරන්නට බලාපොරොත්තු වන බවත් එය ඩොලර් කෝටියක් බවත් ඇය ඉඟි පළ කොට ඇත.