පළාත් සභා මැතිවරණ කල් යන්නේ අපි නිසා නෙමෙයි

0
338

පළාත් සභා මැතිවරණය කල්යාමට එක්සත් ජාතික පක්ෂය වගකිවයුතු බවට යමි යමි අය ප්‍රකාශ කලත් එය. සත්‍ය වසන් කිරිමක් බව අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) මහනුවර මාවිල්මඩ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්.

එක්සත් ජාතික පක්ෂය පැරණි ක්‍රමයට හෝ මැතිවරණය තිබියුතු බවට සෑම විටම ප‍්‍රකාශ කළ බවත් නමුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අලුත් ක්‍රමයට මැතිවරණය තිබිය යුතු බවට දිගින් දිගමට පැවසීම හේතුවෙන් මෙම පලාත්සභා මැතිවරණය කල් ගොස් ඇති බව අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කල් යාමට වග කිවයුතු නොවන බවයි.

පලාත් සභා මැතිවරණය සඳහා වු පනතේ කොටසක් පමණක් මේ වන විට සමිමතවි ඇති තත්වයක් තුල පලාත් සභා මැතිවරණය පැවිත්විමට නමි තවත් පනතක් පාර්ලිමේන්තුවෙි තුනෙන් දෙකකින් සම්මත වියයුතු බවත් එමනිසා ඉදිරියේදි අග්‍රාමාත්‍යවරයා සමගද මෙි පිලිබදව සකච්ඡාකර තිරණයකට පක්ෂයක් ලෙස එලඹෙනු ඇති බව ද අමාත්‍යවරයා පවසයි.

පසුගිය දා ඩුබායිහිදි අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධූෂ් ගෙන්වා ගැනීමත් සමගම ඔහු ලංකාවට ගෙන ඒම පිලිබදව බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන බවත් මධූෂ් අල්ල ගැනිම සඳහා ක්‍රියාත්මක වු වැඩපිලිවෙල පුවත්පත් මගින් හෙළිකිරිම නිසා කඩා කප්පල්වු බවත් මීටපෙර කේ.පී නැමැත්තා ලංකාවට ගෙන ආ ලෙසටම මදුෂ් ද ගෙන ඒමට කටයුතු යොදා තිබිය දි පුවත්පත් මගින් රට ගැන නොසිතා ඒ සම්බන්ධයෙන් පුවත් පල කිරීම හේතුවෙන් එම ක්‍රියා දාමය කඩකප්පල් වු බවත් එසේ නොමැති නම් මේ වන විට ඔහු ලංකාවට ගෙනවිත් ඇති බවත් අමාත්‍යවරයා පවසයි.