පළාත් කිහිපයකට අදත් වැසි

0
236

උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත් වල අද (24 ) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක තද වැසි ද ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2.00 පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඇතැමි ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිව තිබු බවද , කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එහිදී අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර ප්‍රදේශවල මි.මී. 100 ට වැඩි තද වැසි සහ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකිය.

දැඩි අකුණු සහ ගිගිරුම් ඇතිවිය හැකි බවත් වැසි සමඟ පැ.කි.මී. 70-80 ක පමණ කෙටිකාලීන තද සුළං ද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.