පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකාව 315-6

0
24

පාකිස්තානය සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රි ලංකා කණ්ඩායම පළමු දිනයට තරගය නිමා කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 315ක් රැස්කිරීමට සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාගැනීමට නායක දිමුත් කරුණාරත්න කටයුතු කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඕෂධ ප්‍රනාන්දු (50), දිනේෂ් චන්දිමාල් (80) අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වූහ.

සිය 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 42කට දැවී ගියේය. නායක දිමුත් කරුණාරත්න ලකුණු 40ක් රැස්කළ අතර නිරෝසන් දික්වැල්ල නොදැවී ලකුණු 42ක් රැස්කිරීමට සමත්වූයේ පන්දු 43කිනි.

පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් නවාස් කඩුලු දෙකක් දවා ගැනීමට සමත්විය.