පළමු ටෙස්ට් තරගයේ ජය පාකිස්තානයට

0
30

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 342ක ඉලක්කය කඩුලු 6ක් පමණක් දැවී පසුකර යාමට පාකිස්තානය සමත්විය. පාකිස්තානයේ ජයග්‍රහණය තරහවුරු කල ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශාෆික් නොදැවී ලකුණු 160ක් දවාගත් අතර නායක බාබර් අසාම් ලකුණු 55ක් රැස්කළේය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම 222ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස පාකිස්තානයට රැස්කළ හැකිවූයේ ලකුණු 218ක් පමණි.

නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 337ක් රැස්කල අතර ඒ අනුව පාකිස්තානට ලකුණු 341ක ඉලක්කයක් හිමිවිය.