පහළ වායුගෝලයේ කැළඹීමක්

0
195

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වාභාවයක් හේතුවෙන් දිවයිනේ විශේෂයෙන් උතුරුමැද, මධ්‍යම, සබරගමුව හා ඌව පළාත්වලට දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම තත්ත්වය එළැඹෙන 03 දා තෙක් පවතිනු ඇති බවත් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවෙන බවත් එම දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.

එසේම මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ හා බස්නාහිර පළාත්වලත් මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බවත් ඊයේ මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.