පස් අවුරුදු සැළැස්මක් හැදුවොත් දිස්ත්‍රික්ක විධිමත්ව ගොඩනැගිය හැකියි-අගමැති

0
1108

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ක්‍රියාත්මක කිරීමට සෑම දිස්ත්‍රික්කයකම පස් අවුරුදු සංවර්ධන. සැලැස්මක් ගොඩ නගන්නේ නම් එම දිස්ත්‍රික්ක විධිමත්ව ගොඩනැගිය හැකි බව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ “අනාගත පොළොන්නරුව” සංවර්ධන වැඩපිළිවෙල එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.

ඉදිරි පස් වසර තුළ පොළොන්නරුව දිස්ත්‍රීක්ය සංවර්ධනය කිරීමේ “අනාගත පොළොන්නරුව” සංවර්ධන වැඩපිළිවෙල එළිදැක්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී පැවැත්වුණි.

එහිදී මහවැලි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් එම වැඩපිළිවෙල අඩංගු ප්‍රකාශනය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවේය.

කෙසේ නමුත් එම අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අරාධනා කර තිබුණේ නැහැ.