නිරෝධායනය අවසන් කළ පිරිසක් පිටව යයි

0
37

නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 630 දෙනෙකු අද (27) දිනයේ සිය නිවෙස් වෙත පිටත්ව යාමට නියමිත බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

බූස්ස, හල්පිටිය, ඉරණමඩු, මුලන්කාවිල්, ගල්කිස්ස ඇතුළු නිරෝධායන මධ්‍යස්ථාන 10කදී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පිරිසක් මෙලෙස නිවෙස්වලට පිටත් කර හරින බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

අද දිනය වන විට පුද්ගලයින් 33,041ක් දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් බලා පිටව ගොස් තිබේ.

එසේම අද වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 70ක් තුළ පුද්ගලයින් 7,386 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (26) දිනය තුළ පීසීආර් පරීක්ෂණ 1780ක් සිදුකර ඇති අතර, මෙරට සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 213,462කි.