නිදහස් උත්සවය නැරඹීම සඳහා පැමිණීමට ජනතාවට අවසර නැහැ – ආරක්ෂක ලේකම් කියයි

0
86

රට තුළ පවතින කොවිඩ් -19 වසංගතය නිසා මෙවර නිදහස් දින සැමරුම නැරඹීමට මහජනතාවට පැමිණීමට අවසරය හිමි නොවන බව ආරක්ෂක ලේකම් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ප්‍රකාශ කර සිටිනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙවර නිවසේ සිට නිදහස් දින සැමරුම නැරඹීමට කටයුතු කරන ලෙසයි.

73 වන ජාතික නිදහස් දිනයට සමගාමිව ග්‍රාමීය මට්ටමින් ,දිස්ත්‍රික් මට්ටමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුක්රෝපණයට මුල්තැන දී කටයුතු සිදු කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා ග්‍රාමසේවකවරුන්ට උපදෙස් ලබාදී ඇති බවද මෙහිදී ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියා.

73 වන නිදහස දිනය සමරන මෙම සතිය පුරාවටම රාජ්‍ය සහ පෞද්ගලික කාර්යයාල හා නිවාසවල සහ ව්‍යාපාරික ස්ථානවල ජාතික කොඩිය ඔසවා තබන ලෙස ද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී ඉල්ලීමක් කර සිටියා.