නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් වු විකල්ප යෝජනා අගමැති අතට

0
15

ඊයේ (16) දිනය තුළ නව කොවිඩ් ආසාදිතයින් 382 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඉන් පුද්ගලයින් 374ක් විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකීක මුහුදු ආරක්ෂකයින් 5 දෙනෙකු වන අතර තිදෙනෙක් විදේශීය මුහුදු ආරක්ෂකයින් වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළෙඳසැළට සම්බන්ධ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් ගණන 14,154ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් පුද්ගලයින් 8,381ක් මේ වන විට පූර්ණ සුවය ලබා ඇතැයි ද වාර්තා වේ.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 3,106ක් ද පෑලියගොඩ මාළු වෙළෙඳපොළෙන් ආසාදිතයින් 11,048ක් ලෙස වාර්තා වේ.

මේ වන විට මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 17,668ක් වන අතර, ඉන් පුද්ගලයින් 11,805ක් පූර්ණ සුවය ලබා තිබේ.

තවත් ආසාදිතයින් 5,802ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

ඊයේ දිනයේ දී කොවිඩ් මරණ 3ක් මෙරටින් වාර්තා වු අතර, සමස්ථ කොවිඩ් මරණ ගණන ඒ අනුව 61ක් දක්වා ඉහළ ගියේය.

අද (17) උදෑසන වන විට කොවිඩ් ආසාදනය වු පුද්ගලයින්ගේ පළමු හා දෙවන ආශ්‍රිතයින් 30,000ක් පමණ ස්වයං නිරෝධායනයට යොමුකර ඇතැයි ද කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මේ අතර අද දිනයේ දී ඩුබායි සිට පුද්ගලයින් 26ක්, දෝහා කටාර් සිට පුද්ගලයින් 59ක් පැමිණ ඇත.

මේ වන විට යුද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 33ක පුද්ගලයින් 3,281ක් නිරෝධායනය වෙමින් සිටී.

ඊයේ දිනයේ දී මෙරට සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ ගණන 10,713කි.