නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම අද ?

0
299

ඊයේ(16) දිනයේදී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව පැය 48ක කාලයක් තුළ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙන බවට විවිධ ප්‍රකාශ කළ වුණි.

ඒ අනුව අද දිනයේදී නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙවර අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකුට සීමා වන බව ද සඳහන්ය.

පසුගිය වර එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්සත් ජාතික පෙරමුණ සමග ඒකාබද්ධව අමාත්‍යධුර ලබාගත්ත ද මෙවර එවැනි ජාතික ආණ්ඩුවක් ලෙස ක්‍රියා නොකිරීමට නිදහස් සන්ධානය මේ වන විටත් තීරණය කර තිබේ.

මේ අතර අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දිමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමට නියමිත බව සඳහන්ය.

අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරිමෙන් අනතුරුව අමාත්‍ය ලේකම්වරුන්ගේ කාර්යය භාරය ද අවසකන් වෙයි.

එහෙත් නව ලේකම්වරයෙකු පත් කරන තුරු හිටපු ලේකම්වරයාට එම තනතුරේ කටයුතු කිරීමේ හැකියාව පවතින බව සඳහන්ය.