දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 3 ඉක්මවයි

0
9

ලොව පුරා මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (14) වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඒ අනුව, ලොව පුරා රටවලින් ආසාදිතයින් 307,930 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඇති බව එම සංවිධානය පෙන්වාදෙයි

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඉන්දියාව, බ්‍රිතාන්‍යය සහ බ්‍රසීලයෙන් වාර්තා වී තිබේ.

එමෙන්ම ඊයේ කොවිඩ් මරණ 5537 ක් වාර්තා වී ඇති අතර ඒ අනුව සමස්ථ මරණ සංඛ්‍යාව 928,287 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මිලියන 29 ක් ඉක්මවා ඇති සමස්ත ගෝලීය ආසාදිතයන්ගෙන් අඩක් පමණ අමෙරිකානු මහද්වීපයෙන් වාර්තාවී තිබීම විශේෂත්වයකි.