දෙමටගොඩ දුම්රිය ධාවනාගාර ආපන ශාලාවේ හිමිකාරිය ඝාතනය කරලා

0
18

දෙමඩගොඩ දුම්රිය ධාවනාගාරයේ ආපන ශාලාවක් තුළ කාන්තාවක් ඝාතනය කර ඇත.

මෙම කාන්තාව දෙමටඩගොඩ දුම්රිය ධාවනාගාරයේ ආපන ශාලාවක් පවත්වාගෙන ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ පසුගිය 29වනදා රාත්‍රීයේ එම කාන්තාව ඝාතනය කර ඇය සතුව තිබූ රන්මාල 3ක්, රන්මුදු 3ක්, ජංගම දුරකථන 2ක් ද කොල්ලකා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වු බවය.

මෙලෙස මිය ගොස් ඇත්තේ 48 හැවිරිදි කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පොලීසිය සඳහන් කළේ සිය 10 හැවිරිදි පුත්‍රයා සමග නිදා සිටියදී ඇයව මෙලෙස ඝාතනය කර ඇති බවය.

එම ආපන ශාලාවේ සේවය කළ සේවකයින් තිදෙනෙක් එම සිදුවීමෙන් පසුව අතුරුදන්ව ඇති බවද පොලීසිය කීය.

දෙමටගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.