දුම්රිය ගාස්තු වැඩිවීම මගීන්ට දරා ගන්න බැරිලු

0
21

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මගීන්ට දැරිය නොහැකි ගාස්තු සංශෝධනයක් සිදු කර ඇති බවත් දුර පළාත්වල සිට කොළඹට රැකියාවන් සඳහා පැමිණෙන මගීන්ට එම දුම්රිය ප්‍රවාහන  ගාස්තු වැඩි වීම දරාගත නොහැකි බවත් මගින් පවසයි.

ඉන්ධන මිලෙහි වැඩි වීමට සාපෙක්ෂව යම් දුම්රිය ගාස්තු වැඩි වීමක් අපේක්ෂා කෙරුණ ද මෙම අසාමාන්‍ය වැඩිවීම පාලනාධිකාරිය සහ අදාල ඇමතිවරයා විසින් මගි ජනතාව ගැන කිසිදු තැකීමක් නොකර ගනුලැබූ තීරණයක් බව ද ඔවුන් පැවසීය.

දුප්පත් මගී ජනතාවට සිය ගමනා ගමන කටයුතු සඳහා වැඩි වශයෙන් භාවිතා කරන දුම්රිය සේවයේ ගමන් ගාස්තු මේ ආකාරයෙන් වැඩිකොට  රජය බලාපොරොත්තු වන්නේ කුමන ලාභයන් දැයි විමසා සිටින මගින් මෙය දිනපතා දුර බැහැර සිට කොළඹට පැමිණෙන මගී ජනතාවගේද පවුලේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරවන්නක් බව පැවසීය.

රට අගාධයට දමා අර්බුධයක් ඇති කල ඇමතිවරැන්ගේ ගමනාගමන ගාස්තුද දරණ පොදු ජනතාවගේ වටිනාම පොදු ප්‍රවාහන සේවයේ එකට තුනක වැනි ගාස්තු සංශෝදනයේ අසාධාරණය නොතේරෙන පාලන අධිකාරියක් දුම්රියේ සිටීම නව ජනාධිපතිවරයා ගේ ද අවධානයට යොමු විය යුතු කාරණයක් බව ඔව්න් පැවසීය.

මේ සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතාගෙන් ද අප විමසා සිටි අතර ඒ මහතා පැවසූයේ  අතීතයේ සිටම සේවයක් ලෙස පවත්වාගෙන ගිය දුම්රිය මගී ප්‍රවාහන සේවය තවදුරටත් සේවයක් නොවන ලෙස සිදු වු  ගාස්තු සංශෝධනය තම සංගමය කිසිසේත්ම අනුමත නොකරන බවයි.

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව යම් වැඩිවීමක් අපේක්ෂා කෙරුණද මගී ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට සිදුකර ඇති මෙම ගාස්තු සංශෝධනය දරාගත් නොහැකි බව තම සංගමය ද පිළිගන්නා බව ඒ මහතා පැවසීය.

පසුගිය කාලයේ දිගින් දිගටම ගාස්තු ඉහළ නැංවීමට දුම්රිය  දෙපාර්තමේන්තුව උත්සාහ කළ සෑම අවස්ථාවක්ම තම සංගමය  මගේ ජනතාව පීඩාවට පත් නොවන ලෙස කටයුතු කළ බව සඳහන් කරන ඒ මහතා පසුගිය දිනවල මගීන්ගෙන් ම ඉස්මතු වු ඉල්ලීම්කට අනුව මෙම ගාස්තු සංශෝධනය සිදු වී ඇති බව පැවසිය.

ගාස්තු මේ තරම් ඉහළ යෑම්ක් සිදු වේ යැයි කිසිවෙක් නොසිතූ කාරණයක් බවත් ඒ මහතා පැවසීය.

ගාස්තු සංශෝධනය විය යුතුයැයි මගින් තුළින් අදහසක්  ඉස්මතු වුවද මේ තරම් ඉහළ යෑමක් ඔවුන් බලාපොරොත්තු නොවූ බව තම සංගමය වෙත ද මගීන්ගෙන් මැසිවිළි ඉදිරිපත් වන බව ඒ මහතා පැවසීය

මෙම අසාධාරණ ගාස්තු සංශෝධනය පිළිබඳව රජයට කරුණු පහදා දෙමින් මගීන් වෙනුවෙන් යම් සහන ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම දුම්රිය ප්‍රවාහන ගාස්තු වැඩිවවීම සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍ය අධිකාරි ධම්මික ජයසුන්දර මහතාගෙන්ද අප විමසා සිටි අතර ඒ මහතා පැවසූයේ පොදු ප්‍රවාහන සේවය රටට බරක් නොවී සේවයක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාමට නම් ගාස්තු ශෝධනය මේ ආකාරයෙන් සිදු කිරීමට සිදුවන බවයි.

පෙර පැවති දෛනික ඉන්ධන වියදම රුපියල් මිලියන දහයක් බව සඳහන් කරන ඒ මහතා මේ වන විට එම වියදම රුපියල් මිලියන හතළිස් 45 දක්වා ඉහළ ගොස් ඇති බවද පැවසීය.

වර්තමාන ඉන්ධන වියදම පෙර පැවති ඉන්ධන වියදම හා සැසදීමේදී රුපියල් මිලියන 35ක් ක වැඩිවීමක් පෙන්නුම් කරන බව සඳහන් කරන ඒ මහතා එසේ වැඩි වූ වියදම තුලින් සිදුවන පාඩුව අවම කර ගැනීමේ අරමුණින් මගී ගාස්තුත් සංශෝධනය සිදු කර ඇති බව පැවසීය.

යම් හෙයකින් ඉන්ධන ගාස්තු පහළ යෑමක් සිදු වුවහොත් එහි ප්‍රතිලාභය මගීන්ට ලබාදීමටද බලාපොරොත්තු වන බව ඒ මහතා පැවැසීය

මේ වන විට මගීන්ගේ පහසුව සලසනු පිණිස යාපනය බෙලිඅත්ත නුවර මෙන්ම රාත්‍රී දුම්රිය ගමන් සේවාවන්ද ආරම්භ කොට ඇති අතර  ත්‍රිකුණාමලය දක්වා වූ ගමන් වාරයන් ද ආරම්භ කිරීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.