දියතලාවේ ගණිකා නිවාසයක් වටලයි

0
611

දියතලාව යුද හමුදා කඳවුරට නුදුරින් අලුත් ඇළ මාර්ගයේ දෙමහල් නිවසක පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක සිටි කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාශ දූෂණ මර්දන අංශය පවසයි.

ඊයේ(23) සවස යුද හමුදා ආරක්ෂක විද්‍යාපීඨ‍යේ සිවිල් කාර්ය මණ්ඩලයට අයත් කම්කරු කාන්තාවක් විසින් මෙය පවත්වාගෙන ගොස් අතර, එම කාන්තාව හා ගණිකා වෘතියේ නියැලුණු බවට සැකකරන කාන්තාවන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

ගණිකා නිවස පවත්වා ගෙන ගිය කාන්තාව එම ප්‍රදේශයේම පදිංචි 47 වියේ පසුවන්නියක බවත් අනෙක් කාන්තාවන් දෙදෙනා අවුරුදු 17 සහ 46 යන වයස් කාණ්ඩවල පසුවන කඩවත හා ආනමඩුව පදිංචි කාරියන් බවත් විමර්ශනවලදි අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.

සැකකාරියන් අද(24) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කෙරේ.

බදුල්ල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත බණ්ඩාරවෙල දූෂන මර්දන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. අශෝක හේරත් මහතාගේ මෙහෙයවීම යටතේ පො.සැ.4904 යසපාල,පො .සැ.36894 කපිල, පො.කො .33695 රවීන්ද්‍ර,පො‍.කො .36555 බණ්ඩාර ,51404 සුගත්,51457